ආලය ද දරුණු - ගැහැණිය ද දරුණුකීවාට වැටහෙන්නෙ නෑ නේද කරුණු //
මහ මන්දිරෙන් බැහැලා පැල්පතට එන්නේබොල් කඩුව ගෙන අතට මහ මඟට යන්නේ //රජ දරුවො රජ විරුවො දණ නවල ඉන්නේගැහැණියලු මිනිසෙක්ව වහලෙක් කරන්නේආලය ද දරුණු...
අත දුන්නු හිතවතිය හැර යද්දි පැනලාජීවිතය වැළපෙයිනෙ මිනි වලට පැනලා //හදවතම පුපුරද්දි හතරකට පැලිලාගැහැණියට පුළුවන්ලු හිනැහෙන්න බලලාආලය ද දරුණු... //
ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.ඒත් ආවෙ හිස් අතින් නම් නෙවෙයි.
ලස්සන ගීතයක් ඇනිමේෂන් එකක් ලෙස අරගෙනයි ආවෙ.මේක මම අන්තර්ජාලයේ සැරිසරන කොට අහම්බෙන් හම්බවුණු ගීතයක්.
ඒක ගොඩක් ලස්සන එකක් නිසා මෙහෙම දෙන්න හිතුනා.මේ ගීතයේ මුල් ගායකයා පිළිබඳ කිසිදු තොරතුරක් මා හට සොයා ගැනීමට නොහැකි වුණා.ඒ පිළිබඳව ඔබ දන්නවානම් මටත් කියන්න.
පහළින් බා ගන්න.
ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
No comments:
Post a Comment