හිරු අවරගිරින් සැඟවී යන සැඳෑවකතරු දෙකක් ඈත තනි වී සිටි වෙලාවකඔබ අහස දිහා බලමින් කියු කතාවකමතකයට සිත ඇදී දැනුනා සිතේ දුක //
චමත්කාර දවසක් දා නුවන් දිලි දිලී - තවත් කියූ හැටි මතකයි ඔබේ සිතුවිලී //ඔබෙන් වෙන්ව මම නොයනෙමි කිසිම දින යළීකියූ හැටි මතක් වෙනකොට සැලෙයි කඳුළැලීහිරු අවරගිරින්...
මගේ සිතේ සහසක් ඇත පැතුම් මම මැවූ - අවාසනාවට අද ඒ කිසිත් ඉටු නොවූ //අසරණකම අතරින් සිත සහනයක් සෙවූපැරදුණ පෙම්වතියකි මා කඳුළ උරුම වූහිරු අවරගිරින්...
ඔන්න ඉතිං අවුරුදු එක හමාරකට විතර පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවා.පහු ගිය ටිකේ වැඩ වලට හිර වුණු නිසා මේක අප්ඩේට් කරන්න බැරි වුණා.ඒත් ඉතිං අද මම ආවෙ හිස් අතින් නම් නෙවෙයි.සුපුරුදු පරිදි ඉතා මියුරු ගීතයක් අරගෙන.මේ ගීතය ගායනා කරන්නේ අප කොයි කවුරුත් ඉතාමත් හොඳින් දන්නා හඳුනන ප්‍රවීණ ගායිකාවක් වන උරේෂා රවිහාරි මහත්මියයි.මේ ගීතයේ තනුව ලෙස යොදාගෙන ඇත්තේ එච්.ආර් ජෝතිපාල මහත්මයා විසින් ගායනා කරන දිය පොදක් වෙමින් තොල් වියලෙන යන ගීතයේ තනුවයි.ඉතින් අහලම බලන්න ප්‍රේමයෙන් පරාජයට පත් වූ පෙම්වතියකගේ සිතුවිලි හරි අපූරුවට ඉදිරිපත් කරන ආකාරය.
MD5 : A9E8D7C2DC1020BCEE8179165EEA1443
No comments:
Post a Comment