වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

කුඩා ගමේ මද්දහනේ [Kuda Game Maddahane]

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත්කම සකී

  ආලය යනු කිසිම විටක බලෙන් ලබා ගත නොහැකි වූ මහා පුදුමාකාර දෙයක්.එය හදවත් තුළ ඇති වන හැඟීමක්.වරෙක මිහිරි වන ආදරයම තවත් විටෙක මහා ගින්දරක් වී අපව රිදවයි.නමුත් එම රිදවීම හමුවේ වුවද තම ආදරවන්තයා හෝ ආදරවන්තිය කෙරෙහි වෛරයක් ඇති කර නොගෙන ඔහුගේ හෝ ඇයගේ සතුටට ඉඩ දිය හැකි නම් එය උතුම් වූ පරිත්‍යාගයක් නොහොත් ආදරයක්.ඉතින් ඒ උතුම් පරිත්‍යාගශීලියා බෝධිසත්ත්වයෙක් නොවන්නේද?

  ටික දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ නිකන්ම නෙවෙයි.අද අරගෙන ආවෙ චිත්‍රපට ගීතයක්.මේ ගීතය අඩංගු වෙන්නෙ හෙළ සිනමාවේ තවත් එක් විශිෂ්ට ගණයේ නිර්මාණයක් වන 1976 වර්ෂයේ තිරගත වූ හුලවාලි නම් චිත්‍රපටයෙයි.මේ ඉතා මියුරු සහ හැඟීම්බර ගීතය ගායනා කරන්නේ අප කොයි කවුරුත් ඉතාමත් හොඳින් දන්නා හඳුනන සුනිල් එදිරිසිංහ මහත්මයා විසින්.මෙම ගීතය පසුබිමින් වාදනය වන විට තිරයේ රූප රාමු මැවෙන්නේ නරඹන අපගේ ඇසට කඳුලක් එක් කරමින්.එමෙන්ම මෙම ගීතය රචනා කරලා තියෙන්නේ ජනස්‍රැතියට ඉතා සමීප ජන කවි ආර ඇසුරු කරමින් ධර්මසිරි ගමගේ මහතා විසින්.එමෙන්ම ඉතා සංවේදී අයුරින් සංගීත නිර්මාණය කර තිබෙන්නේ වික්ටර් රත්නායක මහත්මයා විසින්.
අහලා බලන්න මෙහි ඇති ශෝක රසය.



...
//


Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.