වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

පරණ සින්දු හොඳම ක්වොලිටියෙන් බාමු

මම ඔයාලාට අද ගොඩක් වටින දෙයක් කියලා දෙන්න යන්නෙ.පරණ සින්දු හොයන අයට අන්තර්ජාලයේ තියෙන හොඳම සයිට් එකක් තමයි ඩීසර් කියන්නෙ.නමුත් ඒකෙන් නොමිලේ අහන්න පුළුවන් ඔන්ලයින් විතරයි.ඩවුන්ලෝඩ් කරනවා නම් ගෙවන්න වෙනවා.මම අද කියලා දෙන්න යන්නේ ඩීසර් සයිට් එකෙන් නොමිලේ හොඳම ක්වොලිටි එකෙන් සින්දු හෝ ඇල්බම් ඩවුන්ලෝඩ් කරන විදිහ.

මුලින්ම ඩීසර් ගැන කියනවා නම් මේක අන්තර්ජාතික වශයෙන් ගීත ඇල්බම් අති විශාල සංඛ්‍යාවකින් සපිරි ගීත පුස්තකාලයක්.ඒ වගේම එහි ඇති ගීත වල ගුණාත්මක බවත් ඉතා ඉහලයි.නමුත් එහි අවාසියක් නම් ඒවා නොමිලේ ලබා නොදීමයි.එනම් ඒ සඳහා අපට මාසිකව ගෙවන්න වෙනවා.නමුත් මේ ක්‍රමය මගින් එම අවාසිය මග හරින්න පුළුවන්.

01.ඩීසර් සයිට් එකට ගොස් නොමිලේ අකවුන්ට් එකක් හදාගන්න.



02. ඔබ හදා ගත් අකවුන්ට් එකට ලොග් වී ඒ.ආර්.එල් කුකී (arl cookie) එක කොපි කරගන්න(කරන විදිහ පැහැදිලිව රූපයේ දාලා තියෙනවා)

03. මෙතනින් මේ මෘදුකාංගය (SMLoadr) පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න.

04. SMLoadr ඕපන් කරගෙන කොපි කර ගත් කුකී එක පේස්ට් කරගන්න.



05. ඩීසර් සයිට් එකෙන් ඔබට අවශ්‍ය ඇල්බමය හෝ ගීතය අඩංගු ලින්ක් එක කොපි කර ගන්න.





06. SMLoadr එකෙන් ඔබට අවශ්‍ය ක්වොලිටි එක තෝරා ගන්න.



07.කොපි කර ගත් ලින්ක් එක පේස්ට් කරන්න.



දැන් වැඩේ අවසානයි.ඔබ තේරූ ගීතය හෝ ඇල්බමය ඩවුන්ලෝඩ් වේවි.එය මෘදුකාංගය තිබෙන තැන ඇති ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ සේව් වෙලා තියෙයි.

ප.ලි : පියවර 01 සිට 04 දක්වා ඒවා සිදු කළ යුත්තේ එක් වරක් පමණි.නැවත අවශ්‍ය නොවේ.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.