වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

මෘදුකාංග වැලි පෙරහනෙන් පෙරමු (Sandbox Programme - Sanboxie)



ඔන්න අදත් සුපුරුදු පරිදිම ඔයාලාට තවත් වටින මෘදුකාංගයක් අරගෙන ආවා.
මේකෙ නම තමයි Sandboxie.ඉතා ජනප්‍රිය ප්‍රති වයිරස මෘදුකාංගයක් වන අවාස්ට් හි අවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි හා අවාස්ට් ප්‍රීමියම් යන සංස්කරණයන් සඳහා පමණක් ලබා දෙන සෑන්ඩ්බොක්ස් යෙදුම ඔයාලා ඉතා හොඳින් හඳුනන බවට නිසැකයි.මෙය එමෙන්ම වූ නමුත් ඒ සඳහාම විශේෂණය වූ ඉතා කුඩා මෘදුකාංගයකි.නමුත් මෙය නොමිලේ ලබාදෙන්නක් නොවේ.නමුත් නුවන්ගේ අඩවිය තුළින් ඔබට ලබා දෙන්නේ මෙහි සම්පූර්ණ සංස්කරණයයි.මෙපමණ විස්තර කලත් මෙහි ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා ඔයාලා දැන් හිතනවා ඇති.
මෙන්න මේවා තමයි මේකෙන් ගන්න පුළුවන් වැඩ.

1. මෘදුකාංග තනි කර (Isolate) වැඩ ගත හැකියි.
මෙයින් ඔබේ පරිගණකයට වයිරස මගින් එල්ල වන තර්ජන ගැන කිසිදු බියකින් තොරව මෘදුකාංගය භාවිතා කිරීමට ඉඩ ලබා දෙනවා.

2. ඔබගේ වෙබ් බ්‍රව්සරය තනි කර (Isolate) ධාවනය කළ හැකි වීම.
මෙමගින් ඔබගේ පුද්ගලික තොරතුරු උදා : ක්‍රෙඩිට් කාඩ් දත්ත අන් අය අතට පත් වීම වැළකෙනවා.

3. අනාරක්ෂිත යැයි හැඟෙන වැඩසටහන් පරීක්ෂා කළ හැකි වීම.
ඔබ අන්තර්ජාලයෙන් බා ගත කළ අනාරක්ෂිත යැයි හැඟෙන වැඩසටහන් පරීක්ෂා කළ හැක.එය තනි කර (Isolate) ධාවනය කිරීම මගින් නිවැරදිව ක්‍රියා කරයිද යන්න දැන ගැනීමටත් එයින් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් වේ දැයි දැන ගැනීමටත් මෙය උපකාරී වේ.

4. ඕනෑම වැඩ සටහනක් සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කර ධාවනය කිරීම සිදු කළ හැක.
මෙමඟින් කරදරකාරී ඇඩ් වෙයාර් වලින් තොරව වැඩ සටහන් ධාවනය කළ හැකියි.


තවත් එකී මෙකී නොකී බොහෝ ප්‍රයෝජන ගත හැකි , පරිගණකයේ තිබිය යුතුම මෘදුකාංගයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

වැඩිදුර විස්තර සහ මෘදුකාංගය බාගත කිරීමට ඔවුන්ගේ නිල වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.

පහළින් ක්‍රැක් එක බා ගන්න.මෙය සියළුම සංස්කරණයන් සඳහා අදාල වේ.





ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.


http://pc.cd/ttlctalK

Nuwan Mihiraj

Nuwan Mihiraj

2 comments:

  1. Win 7 32bit vlta puluvnda official site eke tiyenne xp ,win10 vitri

    ReplyDelete
    Replies
    1. ඉන්ස්ටෝලර් එකේ 32 බිට් සහ 64 බිට් දෙකම තියෙනවා.ඔටෝ සිලෙක්ට් වී ඉන්ස්ටෝල් වෙනවා.

      Delete

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.