ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.ඒත් ඉතින් ආවෙ හිස් අතින් නම් නෙවෙයි.විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන ඉතා මියුරු ගීතයක් අරගෙන තමයි ආවෙ.සුපුරුදු පරිදි මේකත් ඇනිමේෂන් එකක්.බාගෙනම බලන්නකෝ.
මා එක්කලා අමනාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර...
වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා - මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා - රෑ එළි වෙන තුරා ඉමු මිදුලට වීලා
හඳ මාමා නැගෙනතුරු අපි තරු ගනිමූ - දෙදෙනාගේම දුක තල් අත්තක ලියමූ
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමූ - හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමූ
මා එක්කලා අමනාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර...
ඔබේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා පහලින් කමෙන්ට් කරගෙනම යන්න.
No comments:
Post a Comment