ඔන්න අදත් මම ඉතා මියුරු ගීතයක් ඔයාලාට දෙනවා.මේ ගීතය මටත් අහම්බෙන් අහන්න ලැබුනු ගීතයක්.මේකෙ පද මාලාව කියවලා බලන්න.එය ඔබේ ඇසට කඳුළු නංවන්නට සමත් වනු නොඅනුමානයි.මේ ගීතය ගායනා කරන්නේ සංජීවනී වීරසිංහ මහත්මියයි.අහලම බලන්න.
නාඩන් මගෙ නංගෝ - දොයිය දොයි බබෝ
ආවත් අම්මා දැන් - නැතිලු කිරි නගෝ //
අපි වාගෙ දිළිඳුන්ට කිරි නෑ එරෙන්නේ - හැඬුවාට මගෙ නංගියේ
නුඹෙ අම්මා උදේ රැයින් - කිරට නෑ ගියේ
ඔය කඳුළු දුන්නාට මොනවාත්ම වෙන්නේ - නැහැ නේද මගෙ නංගියේ
නුඹෙ අම්මා උදේ රැයින් - කිරට නෑ ගියේ
ලොකු ගේක දරුවෝ - නළවන්න යනවා - අපව හඬවලා
නාඩන් මගෙ...
බඩගින්න දැනුනාම දිළිඳු බිළින්දෝ - හැඬුවාට කඳුලක් හෙලා
නංගි වගේ තව දරුවෝ - කිරට හඬනවා
හඳ හාමි මෙහෙ එන්නෙ නෑ පුංචි නංගෝ - තැටියේහි කිරි හෝ පුරා
නංගි වගේ තව දරුවෝ - කිරට හඬනවා
මහ ගේක කිරි දී - බීගන්න බැරි වී - දෝරෙ ගලනවා
නාඩන් මගෙ...
සුපුරුදු ලෙසම ඔබේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා කමෙන්ට් කරගෙනම යන්න.
No comments:
Post a Comment