වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම් [Sina Thotak Wiya Oba Pamula Ma Lada Saradam]

 

//


........

න්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආපහු ආවෙ නිකන් නෙවෙයි.අද පෙබරවාරි මාසෙ 14 වෙනිදා.අද පෙම්වතුන්ට නම් විශේෂ දිනයක්.ඒ නිසාමයි මම අද මේ ගීතය දෙන්න හිතුවේ.අද පෙම්වතුන්ගේ දිනය වුනත් මගේ අදහස නම් ප්‍රේමය යනු එක් දිනකට පමණක් සීමා කර ගත යුතු නොවන බවයි.එනම් එළඹෙන සෑම දවසක්ම එක වාගේ ආදරයෙන් බැඳී සිටිය යුතු බවයි.අවංකව ආදරය කළ යුතු බවයි.
 මේ ගීතය ඇත්තටම විරහා ගීතයක්.මෙයින් කියැවෙන්නේ අවංකව ආදරය කරන පෙම්වතියගෙන් තමන් රැවටූ පෙම්වතාට දෙන පණිවිඩයක්.එනම් ඔහු තමාට බොරුවට ආදරය කරන බව හඟවා තමාව රැවටූවත් තමන් තවමත් ඔහුගේ නමටම සිත පුද කර ජීවත් වන බවයි.
ඉතින් මේ ගීතය අහලම බලන්න.අද වන විට නිර්මාණය වන කිසිදු හරයක් නොමැති විලාප ගීත වලට වඩා මේ විරහා වේදනාව කොයි තරම් නම් අපූරුවට මිහිරි ලෙස ඉදිරිපත් කරනවාද කියා මේ ගීතය තුළින්.මේ ගීතය රචනා කරලා තියෙන්නේ බන්දුල නානායක්කාරවසම් කියන ප්‍රවීණ ගේය පද රචකයා විසින් වන අතර රෝහණ වීරසිංහයන්ගේ ඉතා සුමියුරු සංගීතයෙන් හැඩවී ඇත.
 ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අන් හදකට දුකක් නොදී තමාගෙ ප්‍රේමය ආරක්ෂා කරගන්න කියලා තමයි.සුපුරුදු ලෙසටම ඔයාලාගේ අදහස් හා යෝජනා පහලින් කමෙන්ට් කරගෙන යන්න. 


http://pc.cd/0867

MD5:022022A8B01CF3F0B739F318B2CF639B 


Mirror Link [Password:www.nuwangeadawiya.blogspot.com]

https://nofile.io/f/SyqbYVEbR5B#de1667f3e2e173b8

MD5:022022A8B01CF3F0B739F318B2CF639B




Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.