වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ඇස රැඳුන රැඳුන තැන්වල [Asa Randuna Randuna Thanwala]




- //


- //
....

- //
....

- //
....


ජේ.ඒ මිල්ටන් පෙරේරා කිව්වම කවුද නොදන්නෙ නේද?.අද මම අරගෙන ආවෙ එතුමා ගායනා කරපු ඉතා මියුරු ගීතයක් අරගෙන.ඒ තමයි ඇස රැඳුන රැඳුන තැන්වල කියන ගීතය.මේ ගීතය ඉතා සරල තේරුමක් සහිත ගීතයක්.මේ ගීතයේ පද රචකයා විදිහට සඳහන් වන්නේ කරුණාරත්න අබේසේකර මහතා වන අතර සංගීතය සැපයුවේ මොහොමඩ් සාලි මහත්මයා වේ.මේ ගීතය අසන්නන් අතර කොයිතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් පසුකාලීනමෙයට පිළිතුරු ගීත පවා නිර්මාණය වුණ.එයද හැකි අයුරින් ඉදිරියේදී ලබා දෙන්නම්.මගේ අදහසට අනුව නම් මෙම ගීතයෙන් කියැවෙන්නේ සැබෑ ආදරයක් ගැනයි.මොකද කියනවානම් යම් පුද්ගලයෙක් සත්‍ය වශයෙන්ම ආදරය කරනවා නම් ඔහුව හෝ ඇයව කිසිදාක අමතක කළ නොහැකියි.මේ ගීතයෙන් කියන්නෙ තමන් හිතින් ආදරය කරන ගෑණු ළමයගෙන් කැමැත්ත අහලා බෑ කියන පිළිතුර ලැබුණු පසු ඔහුගේ හිතේ ඇතිවන සිතුවිලි ගැනයි.ඇය බෑ කිව්වත් තවම ඇයට ආදරය කරනා ඔහුගේ සිතුවිලි අහලම බලන්න.
ඉතින් සුපුරුදු පරිදි ඔබේ අදහසුත් පහළින් සඳහන් කරගෙනම යන්න.


http://pc.cd/90W7
MD5 : 7CD6FA06F00F1E9B7A5472981F906E9A


Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.