වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

සම්පූර්ණ පාලනය අතට ගනිමු.(Take Own File or Folder)

ද ඔයාලාට ගෙනාවේ පොඩි ට්‍රික් එකක්.මේක නම් ගොඩාක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.
ඔයාලාට මම කියලා දෙන්න යන්නේ ෆයිල් එකක හරි ෆෝල්ඩර් එකක හරි නියම අයිතිය ලබා ගන්නේ කොහොමද කියලා.

  • ඇයි අපිට මේක වැදගත් වෙන්නේ ?
මොකද අපි ඇඩ්මිනිස්ට්‍රේටර් වුනත් සමහර ෆයිල් හරි ෆෝල්ඩර් හරි ඇක්සස් කරන්න දෙන්නේ නැති නිසා.
උදා :- වින්ඩෝස් ෆයිල් ඩිලීට් කරන්න හරි එඩිට් කරන්න හරි ඉඩ නොදීම.

  • කොහොමද මේක කරන්නේ ?
මේකට ඔයාට ඕනෙ කරන්නේ නෝට්පැඩ් එක විතරයි.

1.නෝට්පැඩ් එක ඕපන් කරගන්න.
2.මේ කෝඩ් එක කොපි කරගෙන නෝට්පැඩ් එකේ පේස්ට් කරගන්න.

REM --v2 -----------------------------------------------------------
takeown /r /d y /f %1
icacls %1 /t /grant Everyone:F

REM takeown /r /d y /f will set the owner to the Administrators group recursively.
REM /t makes it recursive
REM /grant Sets the permision to the following user, replaces existing permissions for the specified uesr.
REM :f Grants full controll permission.
REM ----------------------------------------------------------------

REM --v1 -----------------------------------------------------------
REM cacls %1 /t /e /g Everyone:f

REM /t makes it recursive
REM /e Edits the ACL instead of replacing it
REM /g Grants permissions to the following users
REM :f Grants full control permission.
REM ----------------------------------------------------------------


3.දැන් ෆයිල් --> සේව් ඈස් --> Anything.bat ලෙස සේව් කරන්න. (උදා :- Full Control.bat)
4.ඔයාට පාලනය ලබා ගත යුතු ෆයිල් එක හරි ෆෝල්ඩර් එක හරි ඔයා හදාගත්ත ෆයිල් එක උඩට ඇදලා දාන්න.
5.දැන් ඔයාට පෙනෙයි එක එක කෝඩ් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ යනවා.ඒවා ඉවර වෙලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ක්ලෝස් වෙනකල් ඉන්න.

දැන් ඔයාට ෆයිල් එකේ හරි ෆෝල්ඩර් එකේ හරි සම්පූර්ණ පාලනය ලැබිලා තියෙන්නේ.
ඉතින් ඔයාට කැමති ඕනෙම දෙයක් කරන්න පුළුවන්.

2-3 පියවර අනුගමනය කරන්න අපහසු අය මා විසින් සැදූ ෆයිල් එක පහළින් බා ගන්න.
අදට මම යනවා.සුබ දවසක් හැමෝටම.
http://pc.cd/Q0jctalK



ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.