සිර කූඩුවෙ මා ළත වෙනවා - සුදු අම්ම මගේ සිහි වෙනවා //
දස මසක් කුසේ මා හොවලා - ඇඟ ලේ කිරි කර මට පොවලා
නැළවිලි ගී රස කර ගයලා - මා නැළවුව හැටි සිහි වීලා
සිර කූඩුවෙ ඉන්නව දැකලා - සුදු අම්ම හඬයි දුක හිතිලා
සිර කූඩුවෙ මා ළත වෙනවා - සුදු අම්ම මගේ සිහි වෙනවා
හිරු පායා නැගී ....
රජකම් කෙරුවත් මේ ලෝකේ - පළදෙනවාමයි නිති සෝකේ
මගෙ කරුමෙ තමයි මේ උරුමේ - වගුරවනා කඳුළැල් දෑසේ
මතු ජාති පවා සංසාරේ - වැදු අම්ම තමයි ආලෝකේ
සිර කූඩුවෙ මා ළත වෙනවා - සුදු අම්ම මගේ සිහි වෙනවා
හිරු පායා නැගී ....
ගොඩ දවසකින් ඔයාලාට මොනවත් දුන්නේ නැති නිසා අද මම ඉතා මියුරු ගීතයක් කැරෝකේ ලෙස ගෙනාවා.මේකත් 3D ඇනිමේෂන් එකක්.මෙය Tujhe Suraj Kahoon Ya Chanda යන හින්දි ගීතයෙහි අනුකාරක ගීතයක් වන අතර මුල් ගායකයා නොදනී.මා සතුව මුල් ගීතයද නොමැති බැවින් එය ලබා දිය නොහැක.ඔයාල ගාව මෙහි මුල් ගීතය තියෙනවා නම් මටත් දෙන්න.
මේ තනුවට සිංහල ගීත 5ක් තියෙනවා.
1. තරු පායන රැයේ තරින්දා - එච්.ආර් ජෝතිපාල
2. සිර කුටිය පුරා ලියු කවියේ - පුන්සිරි සොයිසා
3. මොර සූරන මහ වරුසාවේ - ඉෂාක් බෙග්
4. නාඬන්න මගේ සුදු මල්ලී - ගායකයා නොදනී
5. හිරු පායා නැගී බැස යනවා - ගායකයා නොදනී
පහළින් බා ගන්න.
ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
mahan mama me song 1 hoya hoya innako me post 1 dakke
ReplyDeletemamath hoyanawa kageda me song 1 kiyala :-)
ඔයාගේ කමෙන්ට් එකට ස්තුතියි.මේ සින්දුව කියන්නේ එක්කෝ පුන්සිරි සොයිසා.නැත්නම් එච්.ආර් ජෝතිපාල.මට සින්දුව හම්බ වුනොත් අනිවා පෝස්ට් කරන්නම්.
DeleteOriginal Singer tenison fernando
ReplyDeleteSong name eka- sanda paya negi besa yanawa
https://youtu.be/zerVY1Y3oDM