වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

වයිරස නිසා හයිඩ් වූ ෆයිල්ස් අන්හයිඩ් කරමු (Unhide Files Because Virus Infection).

බ දැකලා ඇති ඔබේ පරිගණකයේ හෝ පෙන් එකෙහි ඔබ දැමූ දත්ත වෙනුවට ඇත්තේ .exe ෆයිල් බව.මේක වයිරසයක් නිසා සිදුවන්නක් බව ඔබ දන්නවාද?
මෙහිදී ඇත්තටම සිදු වන්නේ ඔබේ ඔරිජිනල් ෆයිල් හයිඩ් වී ඒ වෙනුවට එම නමින්ම වයිරසයේ කෝර් ෆයිල්ස් සෑදීමයි.
ඔබ විසින් මේවා වැරදීමකින් හෝ ධාවනය කළහොත් එම වයිරසය පැතිර යයි.
උදා :- My Song.mp3   ----->   My Song.exe
මෙලෙස වූ විට අප බොහෝ විට කරන්නේ වයිරස සඳහා ස්කෑන් කොට ෆයිල්ස් නැතත් ෆයිල් සයිස් පෙන්වන නිසා පෙන් එක ෆෝමැට් කිරීමයි.එම නිසා අපේ වටිනා ෆයිල්ස් විනාශ වීම සිදු වේ.
එබැවින් ස්කෑන් එකෙන් පසු ෆෝමැට් නොකර දත්ත බේරා ගන්නා ක්‍රමය තමයි මම අද ඔයාලාට කියලා දෙන්නේ.
මේකෙන් කරන්නේ වයිරසය මගින් හයිඩ් කළ ෆයිල් නැවත අන්හයිඩ් කිරීමයි.මෙය අපට සාමාන්‍ය වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මගින් සිදු කරන්නට නොහැක.
මේ සඳහා අපිට ඕනෙ වෙන්නේ නෝට්පෑඩ් එක විතරයි.

1.  මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.
2.  පහළ තියෙන කෝඩ් එක කොපි කරගෙන නෝට්පෑඩ් එකේ පේස්ට් කරගන්න.

@echo off
attrib -s -h -a /s /d Your Drive Letter:\*.*


* මෙහි රතු පාටින් ලකුණු කර ඇති ස්ථාන වලට ඔබගේ අදාල ඩ්‍රයිව් ලෙටර් එක යෙදිය යුතු වේ.


3. දැන් ෆයිල් --> සේව් ඈස් --> Anything.bat ලෙස සේව් කර ගන්න. (උදා :- Unhide.bat)
4.  දැන් ඔබ විසින් සාදා ගත් ෆයිල් එක ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙස ධාවනය කරන්න.එවිට ඔබට පෙනෙයි කළු පැහැ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙහි එක එක කෝඩ් යනවා.ඒව ඉවර වෙනකල් ඉන්න.
5.  දැන් වැඩේ අවසානයි.ඔබ පෙන් එක ඕපන් කළ විට එහි පෙර තිබූ ෆයිල් පෙර මෙන්ම තිබෙනු ඔබට දැකගත හැක.


ඉහත 2 , 3 පියවර අනුගමනය කිරීමට අපහසු අය මා විසින් සෑදූ ෆයිල් එක පහළින් බා ගන්න.


http://pc.cd/Sa2ctalK



ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.




Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.