වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

දිය පොදක් වෙමින් + අනුවාදනය [Diya Podak Wemin + Instrumental]



//


- //
//
....


- //
//
...


අද මම අරගෙන ආවෙ එච්.ආර් ජෝතිපාල මහත්මයා ගායනා කරන දිය පොදක් වෙමින් තොල් වියලෙන යන ගීතය සහ එහි අනුවාදනය.එච්.ආර් ජෝතිපාල යන නාමය නොදන්නා කෙනෙක් නැති තරමටම එතුමා ජනප්‍රියයි.එතුමාට අන්වර්ත නාමයකුත් තිබුණා "හදවත රත්තරන් ජෝතිපාල" කියලා.ඔහු ගොඩක්ම ගායනා කළේ හින්දි තනු ආශ්‍රිතව නිර්මාණය වූ ගීත.බොහෝ විට එකම තනුව ඇති ගීත ඔහුගේ ගීත සමූහයේ තියෙනව.මේ ගීත වලට පසු කලයේ පිළිතුරු ගීත පවා නිර්මාණය වුණා.මේ ගීතයේ තනුවටත් ඒ වගේම ගීත බොහෝ ගණනක් තියෙනවා.එයින් එකක් මම මීට කලින් දුන්නා.ඒක නොබලපු අය මෙතනින් ගිහින් ඒක ගන්න.අනෙකුත් ගීතද ඉදිරියේදී හැකි අයුරින් ලබා දෙන්නම්.
මේ ගීතය අද ඔබට ඇහෙන ගීතයට වඩා හාත්පසින්ම වෙන ගීතයක්.මේ මම ලබා දීලා තියෙන්නේ ජෝතිපාල මහත්මයා තරංගා ලේබලය යටතේ ගායනා කරපු මුල් ගීතය.මෙහි සංගීතය දිහා අවධානය යොමු කළොත් සරල සංගීත භාණ්ඩ යොදාගෙන ඉතා සරල,ලයාන්විත සංගීතයක් ඔබට අහන්නට පුළුවන්.අහලම බලන්න මේ ගීතය කොයිතරම් මියුරුද කියලා.
ඉතින් සුපුරුදු ලෙසම ඔබේ අදහස්,උදහස්,යෝජනා හා චෝදනා පහළින් කමෙන්ට් කරගෙන යන්න.



ගීතය පහළින් බාගන්න

http://pc.cd/NrxitalK
 MD5 : 79C94A86AE76F9B44EF6DC32DC9AE515


අනුවාදනය පහළින් බාගන්න

http://pc.cd/Smw
MD5 : 33949F2250E3AA89DB9471F2625E46F9

Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.