අද ලිපියෙන් මම ඔබට ගෙනාවේ විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ සංගීතයෙන් සහ ගායනයෙන් හැඩ වුන ගීතයක්.මෙහි පද රචනය රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයාගේ.මෙම ගීතය දැන් ඇහෙන්නේම නැති තරම්.මමත් මෙම ගීතය ගැන දැන ගත්තේ මාගේ කාර්යාලයේ මිතුරෙක් මාර්ගයෙන්.මෙහි ශබ්ද තත්ත්වය මදක් අඩු ගුණාත්මකතාවයකින් යුතු වුනත් රසවින්දනයට එය බාධාවක් නොවේ.කිසිදා නොමියෙන පිය සෙනෙහස ගැන කියවෙන හදවතේ ගැඹුරටම කා වදින ගීතයක් ලෙස ඔබටත් දැනෙනු නොඅනුමානයි.අහලම බලන්න.
දරුවන් ගෙන මව නික්මුන - ගෙයි මා තනි වුන අඳුරට
ගොඩ වී දුක සැප විමසන - අවරගලේ තරුවේ
මගෙ පැටවුන් ගිය රටකට - පායාපන් තරුවේ
මා මල විට පුංචි උන්ට - පායාපන් තරුවේ
උන් තනිවී බියෙන් සැකෙන් - ඉර ගිලුනද බලද්දී
වැස්ස වලා පමා නොවී - අවරගලේ තරුවේ
මා වෙනුවට පුංචි උන්ට - පායාපන් තරුවේ
පුංචි කඳුලු ලිහිල් වෙන්න - පායාපන් තරුවේ
දිනෙක මගේ දරුවන්ගේ - හෙවනැලි මා සොහොනේ
සැඳෑ අඳුරෙ දිගා වෙද්දි - අවරගලේ තරුවේ
ඒ හෙවනැලි ලිහිල් වෙන්න - පායාපන් තරුවේ
හෝඩි පතුල් ගෙදර එන්න - පායාපන් තරුවේ
සුපුරුදු ලෙසම ඔබගේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා පහලින් කමෙන්ට් කරගෙනම යන්න.
No comments:
Post a Comment