පුතුනේ මේ අහගන්න පුතුනේ - පුතුනේ මේ අහගන්න //මං පොඩි කාලේ හඳ මාමා කිව් - කතාව මේ අහගන්න පුතුනේපුතුනේ මේ අහගන්න පුතුනේ - පුතුනේ මේ අහගන්න
පුංචි කූඩුවක කැළයේ - සැළලිහිණි ජෝඩුවක් උන්නාලස්සන සින්දු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නාහිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සාඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සාලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැළුනාපුතුනේ මේ අහගන්න පුතුනේ - පුතුනේ මේ අහගන්න
අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනි දෙයියනි කියලාචූටි කුරුල්ලා ඉඹලා - මහ හයියෙන් විලාප දුන්නාකොයි කාගෙත් සැප දුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කාසුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කාහිත උණු වීලා අනුකම්පාවෙන් - වැහි බිඳු අහසට ඇදගත්තාපායා හිරු පෙර වාගෙ දිළුනා - වනමල් පිපිලා නැටුවාඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේපුතුනේ මේ අහගන්න පුතුනේ - පුතුනේ මේ අහගන්න
ලොකු කුඩා කවුරුත් ඉතා ප්රිය කරන ගීතයක් අරගෙන මම ආවා ඔබ හමුවීමට.මේ ගීතය නමින් "පුතුනේ මේ අහගන්න".ගී පද කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ.ගායනා කරන්නේ ප්රවීණ ගායිකාවක් වන සුජාතා අත්තනායක මහත්මියයි.ඇත්තටම මේ ගීතය චිත්රපට ගීතයක්.මෙහි ගී තනුව ලෙස ලතා මංගේෂ්කාර් ගායනා කරන "Soja Mere Lal - (Dharkan)" යන හින්දි ගීතයෙහි තනුව යොදා ඇත.මේ තනුවටම තවත් සිංහල ගීත කිහිපයක්ම ඇති අතර ඉදිරියේදී ඒවාද හැකි අයුරින් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
**මෙයද සුපුරුදු ලෙසම ඇනිමේෂන් ලෙස ලබා දී ඇති අතර මෙහි ඇති සංකීර්ණ බව නිසාම නියමිත පරිදි ධාවනය වීමට නම් පරිගණකයේ අවම වශයෙන් 2GB රැම් තිබිය යුතු බව කරුණාවෙන් සලකන්න.
බාගෙන යන ගමන් ඔබේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා පහලින් කොටාගෙනම යන්න.
No comments:
Post a Comment