වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ඉසුරු සුවඳ සොයා (විරිදු) [Isuru Suwanda Soya (Viridu)]











'








පෙර ලිපියෙන් විරිදු ගායනයක් ලබා දුන්නා මතකයි නේද?ඒ නිසාම මා සිත් ගත් තවත් විරිදුවක් තමයි අදත් මම දෙන්නේ.මෙහි ගීත රචකයා ආනන්ද කොළඹගේ වන අතර ගායනා කරන්නේ සේන ෆොන්සේකා මහතා විසිනි.මේ ගීතය මතුපිටින් බැලූ විට පෙනෙන අර්ථය වන්නේ කපුරු මලකට බඹරුන් විත් රොන් ගත් පසු කපුරු මලට සිදුවන දෙයයි.නමුත් මෙහි සැබෑ අර්ථය වන්නේ අද සමාජයේ තත්ත්වය පිළිබිඹු කිරීමයි.එනම් අද සමාජයේ සමහර තරුණියන් හට සිදුවන අවාසනාවන්ත ඉරණමයි.එය හොඳින්ම පැහැදිළි වන්නේ පහත ගීත ඛණ්ඩයෙනි.

"සරාගිකව සංමෝහන වෙහෙස නිවූ විට
නුරා මතින් බිඟු කැල රඟ නොදෙයි ඇයගෙ වට"


මෙම ගීතය පැරණි එකක් වුවත් අදටත් එහි අර්ථය සැබෑ නොවේද කියා අහලම බලන්න.මෙයද සුපුරුදු පරිදිම ඇනිමේෂන් එකක් වේ.
සුපුරුදු ලෙසම ඔබගේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා පහළින් කොටාගෙනම යන්න.

http://pc.cd/BHhotalK

Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.