ගෞතම බුදු සිරිපද ලස මිණි තොරණින්නේසිව් දිග සවණක් ගණ බුදු රැස් විහිදෙන්නේසුදු මුදු ගජ මුතු අතුරා සේල එලන්නේසමන් සුරිඳු වඳින්නේ - මල් ඕවිලි නැළවෙන්නේ
දෝර ගලා එන සීතල හිම තවරාගෙනඈත වලා කිරි දිය සාගරයෙන් නාගෙනහිරු සේවය කර පෙන්වා සෑම උදෑසනබැතින් තෙවරක් නමදින - සිරි ගන සිරිපද සිළුමිණ
හිමව් අරණ සිප එන සිහිලැල් පවනැල්ලයිදොලොස් මහේ පහන් ටැඹේ රන්වන් දැල්ලයිසමන් බදුරු හිමි සිරිපද පහසම ඉල්ලයිපිපෙන වන මල් ගොල්ලයි - උතුරන මදිරා ඇල්ලයි
සීල ගුණෙන් යුතු සැදැහැති සුවඳ ගෙනාවන්ගවසන පිවිතුරු මාහැඟි දසුන මනාවන්දීප ධූප ගන්ධ පුෂ්ප නගන සිනාවන්අවිදු අඳුර දුරලමින් - සහනාලෝක පතුරමින්
දස බල සිරි පා නිය රැස් ගඟුලෙහි ගෑවීසිව් දිගතට සිව් මහ ගංගා බැස යාවීමනරංජන පෙරදිග මුතු ඇටයක පාවීදිදුලන්නට ලොව පේ වී - නිල් මිණි කැට මතු වේවී
සක් කඳු සෙබළුන් රැකවරණය දෙන සමනොලනෙත් සිත් පිනවා පින් සිතිවිලි කැඳවන කලතුරු ලිය ගොමු පෙළ ලා පළු චාමර සල සලබුදු සුවඳ ගෙනෙයි නල - පුබුදාලන්නට සිත් මල
මුනි පා සිසිලස විහිදී මිහිදුම් සළු සේපා වී නතරව උස් කඳු හිස් තුරු සිරසේදිව රෑ සෙත් පිරී සෙමින් සැමටම සමසේනැගෙන දුක් ගිනි රිසි සේ - නිවනවදෝ අප මනසේ
තුන් සිත පහදාගෙන සම්බුදු සිරිපද වැඳගන්නට දෙස් විදෙසින් පැමිණෙන මහ ජන කඳමුව මුව නගනා නිකෙලෙස් සාදු සාදු නදනෑසෙන සහන් සුවය මැද - දෙව් බඹ ලොවකුත් කවරෙද
සුමුදු වලා පෙළ රන් තටු කුටිය මුදාගෙනහඳ සුරඟන පිබිදී තරු දරුවන් සමඟිනරුසිරු කසුන් කඳ කෙඳි රැඳි මල් මිට මිට ගෙනපුදන අයුරු බලනු මැන - සිරි සමනොල ගිර'ගට පැන
සිතෙයි රාග දෝස මෝහ නොමැතිය වාදේඇසෙයි මධුර මනෝහරව ඝන්ඨා නාදේනම කළ පමණින් සඟ සුව මොක් මග පෑදේවඳිමු බුදු සිරි පාදේ - තෙමි තෙමි කරුණා මූදේ
ඔන්න අදත් මම ආවා ලස්සන ගීතයක් අරගෙන.ගීතයක් කිව්වට මේක විරිදු ගායනයක්.අන්තර්ජාලයේ සැරිසරන කොට තමයි මෙය මට හමු වුනේ.මේකෙන් කියැවෙන්නේ ශ්රී පාදස්ථාන පුද බිම ගැනයි.මෙහි ගායකයා විදිහට අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ ජයන්තලාල් සෝමරත්න මහතා ය.වර්තමානයේ මෙවැනි හරවත් ගීත දැන් ඇහෙන්නේ ඉතාම අඩුවෙන්.විරිදු වලට කැමති අය වෙනුවෙන්ම තමයි අද මම මෙම ලිපිය දාන්නේ.එහෙනම් අහලම බලන්න.
ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඔබේ අදහස් , උදහස් වගේම යෝජනා , චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
No comments:
Post a Comment