තරු පායන රැයේ තරින්දා - තව නීලඹරේ නෑ පායාදැන් තාත්ත දෑතේ නාඬා - නැළවී නිදියන්න පුතා මා //මේ යහනේ මින් පෙර පාවී - පුතු නැළවූ ඒ සංගීතේයළි ආයෙ ඇහෙන්නේ නැහැනේ - හඬ ගොලු වී මැකුණා ඈගේඅඳුරේ තනි වීය ලොවේ මේ - අප දෙදෙනා ශෝක වියෝගේදැන් තාත්ත දෑතේ නාඬා - නැළවී නිදියන්න පුතා මාතරු පායන ...
මේ නිදනා සන්සුන් යාමේ - පුතු දකිනා ශෝක සිහිනේරහසේම ඇවිල්ලා අම්මා - ඔබ නළවා සනසා යාවීපුතුනේ පවසන්න මෙවේලේ - අප විඳිනා ශෝක වියෝගේදැන් තාත්ත දෑතේ නාඬා - නැළවී නිදියන්න පුතා මාතරු පායන ...
අදත් සුපුරුදු පරිදිම තවත් මියුරු ගීතයක් අරගෙන මම ආවා.මේ දෙන්න යන්නේ ඔයාලා ගොඩක් හොඳින් හඳුනන ගායකයෙක් වන එච්.ආර් ජෝතිපාල මහත්මයාගේ ඉතා ජනප්‍රිය ගීතයක්.මේ ගීතයෙන් කියැවෙන්නේ මව නොමැතිවූ තම ආදර පුතු නළවා ගැනීමට තාත්තා දරන උත්සාහයයි.මෙම ගීතය ඒක් පූල් දෝ මාලි හින්දි චිත්රපටයෙහි ඇති තුජෙ සූරජ් කහූං යන ගීතයෙහි තවත් එක් අනුකාරක ගීතයකි.මෙම තනුවටම ඇති තවත් ගීතයක් මම මීට පෙර ලබා දුන්නා.ඒක අවශ්‍ය අය මෙතනින් ගන්න.මෙහි ඇති සංවේදී බව අහලම බලන්න.
සුපුරුදු ලෙසම ඔබගේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා කමෙන්ට් කරන්න.
No comments:
Post a Comment