බිනර මලී....බිනර මලී
රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද - තරු මුතුහර ගෙල පළඳා වලා සේල ඇඳබිනර මලී එක්ක එන්න බිනර මහේ මැද - පායාපන් මගේ පැලට පායාපන් සඳ
වන සපු මල් පිපී සුවඳ තීරු පෙරෙනවා - ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවාපොද වැස්සට පුංචි වතුර බින්දු වැටෙනවා - පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවාබිනර මලී එක්ක එන්න බිනර මහේ මැද - පායාපන් මගේ පැලට පායාපන් සඳ
බිනර මලී සිනාසුනා මතකයි යම්තම් - මල් පෙති ඇමුණුවා වගෙයි වැලකට රන් දම්නෙරිය තබා ඉඟ නළවන ගමනෙහි අන්දම් - සඳ පෑව්ව වගේ වැටට උඩිනුත් පන්දම්බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද - පායාපන් මගේ පැලට පායාපන් සඳ
ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට - සඳකත් පිණි දිය ගලලා රැයක් ගෙවෙනකොටමල් පිපිලා පුසුඹ වැදී බඹරුන් එනවිට - බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මටබිනර මලී එක්ක එන්න බිනර මහේ මැද - පායාපන් මගේ පැලට පායාපන් සඳ
පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල් - තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල් - මුතුබණ්ඩගෙ පැලේ තමයි බිනරී හැම කල්බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද - පායාපන් මගේ පැලට පායාපන් සඳ
ගොයම් නෙලුමෙ කවි සීපද බිනරි කියන විට - කොවුල් හඬක් තවත් මොටද මුවන්පැලැස්සටදියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට - වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙටබිනර මලී එක්ක එන්න බිනර මහේ මැද - පායාපන් මගේ පැලට පායාපන් සඳ
පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ - පායපු ඉර වලා ගැබේ පතුලට වීදෝනැවුම් සිහින මාලිගාව බිඳී වැටුනදෝ - මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝබිනර මලී එක්ක එන්න බිනර මහේ මැද - පායාපන් මගේ පැලට පායාපන් සඳ /////
බිනර මලී එක්ක එන්න [Binara Mali Ekka Enna]
අද මම ගෙනාවෙ ඇනිමේෂන් එකක් නම් නෙවෙයි.වීඩියෝ එකක්.මේකෙ නම බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද.මේ ගීතය ගායනා කරන්නේ ප්රවීණ ගායකයෙක් වන නාරද දිසාසේකර මහතා විසින්.වැඩි කතා නැතුව රස විඳලාම බලන්න
No comments:
Post a Comment