මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ - ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිඟිති පුතේ - මගෙ පාළුව මැකේ
අප දෙන්නා අඳුරු ලොවැක තනි කර දා පුතේ - ඔබෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා - ඈ සුර ලොව ගියා //
හිතේ තියෙන පාළු ගතිය මඟ හරින්න පුතේ - සුර කුමරුන් සමඟින් ඔබ හිනැහෙනවද පුතේ //
සුර විමනට වැදී - මගෙ රන් කඳ නිදී
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ - කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
නිදාගන්න පුතේ - තාත්තගේ අතේ //
තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිලිටි ගතේ - ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ //
පිය ගුණ අනන්තයි අපරිමිතයි.ඉහත මා දැක්වූ ගීතය අසන ඔබේ දෑසට කඳුළු නො එනවා නම් ඔබට ඇත්තේ හදවතක් නොවේ,ගලක්.කේ.සේන නම් වූ ගායකයාගේ ඉතාමත් ජනප්රිය වූ මෙම ගීතයේ මුල්ම පටිගත කිරීමයි මේ.ඇත්තටම මේ ගීතය පියවරුන්ගේ ජාතික ගීතය ලෙස හැඳින්වීම වරද නොවේ.ඉතින් අහලම බලන්න මව මිය ගියාට පසුව තම ආදරණීය පුතා නිදි කරවීමට පියා දරන වෙහෙස.
No comments:
Post a Comment