එන්න මදනලේ - ගොස් පවසන්න දුක මගේ - යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේදිවා රැයේ වැලපිලා - දෑස ඈගෙ රතු වෙලා - කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා ... කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලාඑන්න මදනලේ ... එන්න මදනලේශෝක පණිවිඩය යවන්න ආදරිය බලා - කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළාමට කොයින්ද එම වලා - ආමි සුළඟෙ ඔබ බලා - කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලාඑන්න මදනලේ ........සංදේශයකින් යවන්න මෙ දුක උන් අතේ //හංස ගිරා ලිහිණි කොවුල් කොබෙයියන් නැතේසුළඟේ මා අසරණයි - මට ඇති වස්තුව ඇයයිකීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි //එන්න මදනලේ ........
එන්න මදනලේ [Enna Madanale]
ඔන්න අද ඉරිදා දවසෙ මම තවත් ගීතයක් අරගෙන ආවා.මේ ගීතය නම් මුල් ගීතය නෙවෙයි.මේ ගීතයේ නම තමයි එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ.මේ ගීතය ගැන කෙටියෙන් කියුවොත් එදා මෙදා අතරතුර කාලයෙ බිහි වූ ඉතා විශිශ්ට ගණයේ ගීතයක්.70,80 දශක වල ගීත රචකයෝ වස්තු විෂය කර ගත්තේ ස්වභාවික වස්තූන්.උදාහරණ ලෙස සඳ,තරු,සුළඟ ආදී දේ බොහෝ විට යොදා ගත්තා.මේ ගීතයෙන් කියැවෙන්නේ තමා ආදරය කරන තරුණියව හමු වීමට යා නොහැකි ලෙස ඇයව සිර කරගෙන සිටිනා වෙලාවක තමාගේ දුක කීමට සුළඟ පණිවිඩ කරුවෙකු ලෙස යොදාගැනීමයි.අහලම බලන්න මොන තරම් තාත්ත්විකව සහ මනා සංයමයකින් යුතුව ගීතය රචනා වෙලා තියෙනවාද කියා.මේ ගීතයේ වත්මන් ගායකයා වෙන්නේ රෝහණ සිරිවර්ධන මහතා.අහලා හොරෙන්ම යන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment