දරුවන් සමග මා ගෙපැලේ විසේයා - කොයි කාගෙවත් හව්හරණක් නැතේයා
අඩකුත් මාසයක් ගෙවිලා ඇතේයා - දෙයියා තවත් ලියුමක්වත් නැතේයා
බාලයා තමයි නිතරම අහන්නේ - තාත්තා කියා හීනෙන් අඬන්නේ
හිච්චි තාත්තා ගැනමයි හිතන්නේ - ලොක්කී දුකින් වාගේමයි සිටින්නේ
හතුරු මුවදොරක් එනතුරු නොවේවා - මිතුරන් ලැබී ඒ මිතුදම් රැඳේවා
ගිය රැකියාව කරගන්නට ලැබේවා - දුප්පත් අපට හඳ එලියක් වැටේවා
තුන් රුවනේ සරණ ඔබ හට ලැබේවා - ලෙඩ දුක් නොවී හැම දෙවියන් රකීවා
පැටලිල්ලක් කිසිම දොහකදි නොවේවා - දරුවොයි මායි හිත ඇතුලෙම රැඳේවා //
No comments:
Post a Comment