ඉරෙන් එළිය ගෙන ආවා මතකයිසඳෙන් සිසිල ගෙන ආවා මතකයිමලෙන් සුවඳ ගෙන ආවා මතකයිමගේ ලොවට නුඹ ආවා මතකයි
ඉරේ හිනාවට රන් කෙඳි විසිරුණිසඳේ හිනාවට පිණි මුතු ඉපදුණිමලේ හිනාවට බඹරුන් ඉගිළුණිනුඹේ හිනාවට මා හද පිබිදුණි
හිරු රැස් වැටිලා කෙත බබලාවීසඳ රැස් වැටිලා දොළ දිලිසේවීරොන් සුණු ඉසිලා මල හිනැහේවීසෙනෙහස පිරිලා නුඹ හමුවේවී
ඉරේ කිරණ ගිරවුන් සතපන්නයිසඳේ කිරණ සාවුන් සතපන්නයිමලේ සුවඳ බඹරුන් සතපන්නයිසිතේ සෙනෙහෙ හදවත් සතපන්නයි
ඉරේ ඉඳන් මල් මාල පැළැන්දාසඳේ ඉඳන් මුතු මාල පැළැන්දාමලේ ඉඳන් මල් මාල පැළැන්දාහිතේ ඉඳන් පෙම් මාල පැළැන්දා
හිරු රැස් කෙන්දේ මල් දැමිණෙනවාසඳ රැස් කෙන්දේ මුතු ඇමිණෙනවාමල් මකරන්දේ බිඟු පැටලෙනවාරෑ යම නින්දේ නුඹව පෙනෙනවා
ඉරට වඩා එළියයි නුඹෙ සෙනෙහසසඳට වඩා සිසිලයි නුඹෙ සෙනෙහසමලට වඩා සුවඳයි නුඹෙ සෙනෙහසහිතට සදා උරුමයි නුඹෙ සෙනෙහස
ඉරක් එළිය නැත රන් කෙඳි නැති කළසඳක් සිසිල නැත බොල් පිණි නැති කළමලක් සුවඳ නැත මුවරද නැති කළසිතක් මිහිරි නැත සෙනෙහස නැති කළ
ඉරෙන් එළිය ගෙන ආවා [Iren Eliya Gena Awa]
ආයුබෝවන් ඔයාලාට.අදත් උදේ පාන්දරින්ම තවත් ලස්සන විරිදුවක් අරගෙන මම බ්ලොග් එක පැත්තෙ ආවා.විරිදු කියන්නේ අපේ සිංහල ජන ගීයේ එක් වැදගත් අංගයක්.මුල් කාලයේ නිර්මාණය වූ සිංහල ගීත සඳහා විරිදු රබාන නැතිවම බැරි වුණු අංගයක් වුණා.වර්තමානයේ නම් දක්නටවත් නැති අපූරු සංගීත භාණ්ඩයක් වන මෙයින් පැරණි ගීත ඉතා රසවත් අයුරින් ඉදිරිපත් වුණා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදියි.මෙම විරිදු ගීතය ගායනා කරන්නේ ජනප්රිය විරිදු ශිල්පිණියක් වන දයා නෙල්ලම්පිටිය මහත්මියයි.ආදරය ගැන කියවෙන අපූරු විරිදු පන්තිය රස විඳින ගමන් ඔබේ අදහස් එහෙමත් පහළින් කමෙන්ට් කරගෙනම යන්න.
No comments:
Post a Comment