වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ඉසුරු දෙවිඳු උමයංගන [Isuru Devindu Umayangana]

විවේකීව සිටින අද දවසෙ මම තවත් අපූරු ගීතයක් අරගෙන ආවා.මේ ගීතය තමයි ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි කියන ගීතය.මේ ගීතය ගායනා කරන්නේ නිරංජලා සරෝජිනී සමග අබේවර්ධන බාලසූරිය. මේ ගීතය ඇත්තටම චිත්‍රපට ගීතයක්.චිත්‍රපටයේ නම තමයි සරුංගලය.මේ ගීතය වාදනය කරද්දී එහි ඇති දසුන් ඔබට මැවී පෙනේවි.ඒක තමයි මේ ගීතයේ ඇති විශේෂත්වය.මෙහි සංගීතය සඳහා යොදාගෙන ඇත්තේ සරල හා සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ.ඒ වගේම දමිල කර්ණාටක බව හා සිංහල ගතිය ඉතා හොඳින් මෙම සංගීත භාණ්ඩ මඟින් ඉතා මනාව ඉදිරිපත් කරනවා.මෙම ගීතයෙන් කියැවෙන්නේ දමිල තරුණියක් හා සිංහල තරුණයෙක් අතර සිදුවන විවාහයක් ගැනයි.ඉතින් අහලාම බලන්න මෙම ගීතයේ ඇති මියුරු බව.හැකි නම් ඇස් දෙක පියාගෙන හෙඩ්ෆෝන් දාගෙන අහලා බලන්න.ඔබටත් මෙහි ඇති ජවනිකාව මැවී පෙනේවි.



-
-
...
-
-
-
-
-
-
-
-



Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.