සියළුම මව්වරුන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා
දෑස මෙන් මා හැදූ මාගෙ අම්මා උතුම් - දෝත සිරසේ තබා වඳිමි පාදේ බැතින්
රෑ දවල් මා නිසා වින්ද සෝ වේදනා - මා හදේ රකිමි සැමදාම සසරේ පුරා
දෑස මෙන් මා හැදූ මාගෙ අම්මා උතුම් - දෝත සිරසේ තබා වඳිමි පාදේ බැතින්
හිතට ළං වීලා පුතුනේ කියා පෑ සෙනේ - තාම සිහි වේවි අම්මේ ඔබේ ආදරේ
දෑතෙ නළවාලා රස ගීත ගයලා සෙමින් - සුර ලොවක් සෑදුවේ අම්මා නේදෝ පෙමින්
යන්නෙ නෑ නේද කිසි දාක තනි කර දමා - ඉන්නෙ සෙවනැල්ල වාගේ ළඟම දැවටිලා
දෑස මෙන් මා හැදූ මාගෙ අම්මා උතුම් - දෝත සිරසේ තබා වඳිමි පාදේ බැතින්
මහිමෙ පෙන්නාලා ලේ කිරට හරවා ඔබේ - පෙව්වෙ අම්මේ ඔබයි නේ මවාලා සෙනේ
ලෝකෙ මායාවකින් දරුවො තනි වූ දිනේ - කඳුළු පිසලන්නෙ කවුදෝ පුදාලා සෙනේ
පෙව්ව කිරි වලට මම වන්දි ගෙවනු කෙසේ - මවුනි පා නමැද ළඟ ඉඳිමි සැමදා මෙසේ
දෑස මෙන් මා හැදූ ...
No comments:
Post a Comment