වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

කුසගිනි ඉවසිය නොහැකිව [Kusagini Iwasiya Nohakiwa]

"මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ"

මම හිතනවා ඉහත සඳහන් කළ ගීත ඛණ්ඩය ඔබ ඉතා හොඳින් හඳුනනවා කියා.ඒක කොයි තරම් අපේ හදවත් ස්පර්ශ කලාද කිව්වොත් ඒක අහන වෙලාවට අපේ ඇස් වලට අප නොදැනුවත්වම කඳුළු එනවා නේද?(වර්තමානයේ වේග රිද්ම ගීතයට නම් මේ කතාව අදාල නැත).ඉතින් ඒ ඉතා හැඟීම්බර ගීතය ගායනා කරපු ප්‍රවීණ ගායකයා වන කේ.සේන මහත්මයාගෙ අපරිමිත පිය සෙනෙහස ගැන කියවෙන තවත් හැඟීම්බර ගීතයක් අරගෙන තමයි අද මම ඔබ හමුවට ආවෙ.

පිය සෙනෙහස කියන්නෙ මහා පුදුමාකර දෙයක්.ඒක කවදාවත් මැරෙන දෙයක් නොවේ.ගෙදර බුදුන් අම්මා වෙනකොට ගෙදර ඉටු දෙවියා වෙන්නේ අපේ ආදර පියතුමා මිසක් වෙන කවුද?.එහෙත් අවාසනාවකට අද සමාජයේ අති බහුතරය මව්පිය සෙනෙහස හඳුනන්නේ නෑ නේද?.මේ ගීතය අහනකොට ඔබටත් නොදැනීම ඔබේ දෑස කඳුලින් තෙත් වේවි.ගීතය අහලා ඔබත් ඔබේ හදවතට තට්ටු කරලා අහන්න ඔබ ඔබේ පියාට කොයි තරම් සලකනවාද කියා.

ඉතින් අද ලිපිය ටිකක් දිග වුණත් මම හිතනවා ඔබට යමක් ජීවිතයට එකතුකරගන්න පුළුවන් වුණා කියලා.බලලා යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.



-
-
  
- //
-
 
- //
- //

....
....
....





Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.